Kebiliththa devala, kebiliththa kotiyagala, kebiliththe, KIBILI, kibiliththa, LOKESAN,

Translate

Showing posts with label pujava. Show all posts
Showing posts with label pujava. Show all posts

Thursday, August 16, 2012

Kebiliththa devala - මහ සියඹලාව දේවාලය

       රුහුණු කතරගම දෙවියන්ගේ පිහිටි ප‍්‍රාර්ථනාකර ගැනීමට කතරගම දේවාලයට එන බැතිමතුන් ඇති හැකි අය කතරගම දෙවියන් පිදීම සඳහා යන තවත් අනුහස් ඇති ස්ථානයක් යාල වනෝද්‍යානේ පිහිටා තිබේ.
ඒ සියඹලාව හෙවත් කැබිලිත්ත දේවාලයයි. දෙවියන්ගේ කැලය ලෙස අතීතයේ ජනයා හැඳින්වූ මෙම ඓතිහාසික භූමිය පිහිටා ඇත්තේ යාල ජාතික වනෝද්‍යානයට අයත් අංක තුන කලාපයේය.
         ‘‘මුහුණු සයකි අත් දොළහක් මයුරාපිට වාහනේ’’ කී සැණින් සංකේතවත් වන්නේ කතරගම දෙවියන්ය. කාර්තිකේය දෙවියන් ලෙස දෙවිවරු අතරිනුත්  අතිශය පුදපූජා ලබන දෙවියකු ලෙස කතරගම දෙවියන් සැලකේ. ස්කන්ධකුමාර, වේලූපිල්ලේ, මුරුගන්, වේලන්,  සුබ‍්‍රමනියම්, කන්දසාමි, කදිරදේව, කදිරවේල්, කාර්තික, තාරකාජින්,  යන නම් වලින් හින්දූ භක්තියන්ගේ වන්දනාමානයට පාත‍්‍ර වන්නේද කතරගම දෙවියන්ය.අදවනවිට හින්දු පමණක් නොව බෞද්ධයන් අතර ද සුවිශේෂ ඇදහීම්වලට මෙන්ම ගෞරවාදරයට පාත‍්‍රවූ දෙවියකු ලෙස කතරගම දේවියන් ප‍්‍රකටය. රෝග බියක දී, අතුරු ආන්තරාවක දී, පිහිටාරක්‍ෂාව මෙන්ම භවභෝග වගාවේදී ද ආරක්‍ෂක දෙවිකෙනකු ලෙස  කතරගම දෙවියන් ප‍්‍රකටය.බොහෝ අනුහස් ඇති දෙවියකු ලෙස කතරගම දෙවියන් විශ්වාස කරන අතර ජන ශූන්‍ය ප‍්‍රදේශවල දී කතරගම දෙවියන්ගේ පිහිටාරක්‍ෂාව ලැබීම ගැන විවිධ ජනප‍්‍රවාද ද සමාජයේ පවතී.
        මේ කැබිලිත්ත දේවලය කතරගම දෙවියන් භාවනා යෝගීව සිටීමට තිබෙන ස්ථානයකි.
අතීතයේදී අප රට ආ කුමන්ත්‍රණය කළ විදේශිකයන් කතරගම දේවලායේ වස්තුව පැහැර ගන්න මාන බැලූවා. අපේ මුතුන් මිත්තන් විදේශීය අක‍්‍රමණයෙන් දේවාලයේ වස්තුව බේරා කැබිලිත්තේ රාළ නමැති කපු මහත්තයාට දෙවියන්ගේ වස්තුව භාර කළා. ඔය අද තියෙන සියඹලා ගහේ තමයි ඒ වස්තුව හංගලා පූජාව කළේ. පස්සේ එම වස්තුව නැවත දේවාලයට රැගෙන ආවා. කැබිලිත්තේ රාළ  ඕලන්දකරයන් සමග තනියම ලොකු සටනක් කර මිය ගියා. එම කැබිලිත්තේ රාළ තමයි. කතරගම දෙවියන්ගේ  අණින් සියඹලා දේවාලය රැක ගත්තේ‘‘
මෙම භූමියේ ඇත්තේ දේවාලයක් ලෙස කුඩා අඩි 7ක් පමණ වන සියඹලා ගසකි.
සියඹලා ගස වටා ඇත්තේ මහා රූස්ස ගස් රැසකි. අඩි 12ක් පමණ රවුමක් මැද මෙම සියඹලාව පිහිටා ඇති අතර නිතර බිම අතු ගෑ අයුරින් පවිත‍්‍රව පවතී. කිසිදු කොළයක් මෙම භූමියට පතිත නොවන අතර කොතෙකුත් වන සතුන් ගැවසුන ද පුදුම නිහඬතාවයකින් පරිසරය සකස්ව පවතී.
මෙම ශුද්ධ භූමිය වටා බෝරුක් හා ගල්කණු දැකිය හැකි අතර වන්දනාකරුවෝ මෙම ස්ථාන වෙතද පැමිණ පුද පූජා පවත්වනු ලබයි. 1818 ඌවේ කැරල්ල මෙහෙය වූ කැරලිනායකයන් කතරගම දේවාලයට යාමට නොහැකි ව සෑම ප‍්‍රහාරයකටම ප‍්‍රථම කැබිලිත්ත දේවාලයට පැමිණ කඳසුරිඳුන්ගේ ආශිර්වාදය ලබාගත් බව ඌව ඉතිහාසය ලියූ පණ්ඩිත නාවුල්ලේ ධම්මානන්ද ස්ථවිරයන් පවා සඳහන් කර ඇත.
අතීතයේ ගොවි ජනයා සිය අස්වැන්නේ ප‍්‍රථම කොටස දෙවියන්ට පූජා කිරීමට මෙම කැලයට පැමිණි අතර වසර 30ක් පුරා අප රටේ පැවැති යුද්ධය හේතුවෙන් කිසිවකුටත් මෙම ස්ථානය වෙත පැමිණීමට නොහැකි විය.
මෙම ගමනෙ දී මොණරාගල දිස්ත‍්‍රික්කය, හම්බන්තොට දිස්ත‍්‍රික්කය, අම්පාර දිස්ත‍්‍රික්කය ද අසුවෙයි.
කුමන ජාතික වනෝද්‍යානයට පැමිණ යාල අංක තුනට අයත් කොටියාගල ඔස්සේ ඇති මාර්ගයයි.
මෙම කැබිලිත්ත හෙවත් සියඹලා දේවාලය වැඳ පුදාගැනීම ලෙහෙසි පහසු කාරියක් නොවේ. එම ගමනට යන අය මස් මාංශයෙන් තොරව මාසයක් පමණ පේවීම අනිවාර්ය වේ. මෙම ගමනට ෆෝවීල්, ජීප් රථ අඩුම තරමේ දෙකක් යා යුතුය. එම රථ මඬේ එරිමේදී ඇදිය හැකි පරිදි මෙම ජීප් රථ තිබිය යුතුය.
මෙවැනි ජීප් රියක කුලිය රුපියල් තිස් පන්දාහක් පමණ වෙයි.
මෙයට අමතරව මෙයට වඩාත් සුදුසුම වාහනය ලෙස සැලකිය හැක්කේ ටැක්ටරයයි. මෙම දේවාලය වැඳ පුදා ගැනීමට යනවිට නොඉඳුල් කැවිලි, පළතුරු රැගෙන යා යුතු අතර යන සෑම පිරිසක්ම දෙවියන් හට පැණි බත් පුදා කිරි ද ඉතිර විය යුතුයි.
මෙම ගමනට යන අය විවිධ වචන භාවිතයේදී කට පරිස්සම් කර ගත යුතුය.
මෙම ගමනේදී ඉතා දුෂ්කර මාර්ග රැසක් පසුකර යායුතුය. තලාකොළආර, කටුපිලආර වැනි ජල මාර්ග කිඹුලන්ගෙන් ගහනය.
යන මාර්ග කීපයක් තිබුණද යන සෑම අයකුම කැලේ දේවාලය අඩවියට පිවිසීමෙන් පසු කුඹුක්කන් ඔයට බැස යායුතුය. රැගෙන යන පලතුරු ඇතුළු පුද පූජා ගංවැල්ලේ ළිං හරා එම ජලයෙන් සෝදා, පූජාවට තැබිය යුතුවේ.
මෙම ප‍්‍රදේශයට ආවේනික වූ දේව නීති රැසක් පවතින අතර යන බෙහෝ පිරිසක් එම නීති කඩමින් පුද පූජා තැබීම මත විවිධ උපද්‍රවවලට ලක් වූ බවට බොහෝ කතා ඇත.
දෙවියන්ට තබන මුලුතැන් පූජාවට ගන්නා පොල් ගෙඩිය පවා ලීයකින් සාදවා ගත් හිරමනයකින් ගා ගත යුතුය. එයට යකඩ මුහු  නොකළ යුතුවේ.
    වන්දනාමානයට එන මුවාවෙන් ඇතමුන් මෙම භූමියේ පැරැණි නටඹුන් හෑරීමට ද ගස් කැපීමට ද යොමු වී ඇත.එසේ කළ අයට මොනයම් හෝ අකරතැබ්බ්යකට මුහිණ දීමට සිදු වේ.
දිනපතා පැමිණෙන පිරිස් පරිසරයට මුදාහරින කැළි කසළ ද මෙම සුන්දර මේ බිමට හානියක
භක්තියෙන් යන බැතිමතුන්ට සෙතක් ද භක්තියෙන් තොරව යන අයට හිරිහැර  දුක් කරදර  ඇතිවන බව එහි ගිය බොහෝ දෙනෙක් පවසති.

(~~සිසිර කුමාර~~ දු.අ: 0777 400 860)

Wednesday, August 15, 2012

Things to bring


Things needed for Muluthan Poojawa

  1. rice -2Kg
  2. A Pot to cook 3 kg of rice - 1
  3. Kithul treakle - 1/2
  4. green grains -500g 
  5. dates -500g 
  6. dried grapes -250g
  7. Kitul Jagery -500g
  8. Cashew -250g
  9. sugar -1Kg
  10. Coconut -3 
  11. salt -1 
  12. Basin -2
  13. Scrpaer -1
  14. white clothe for wiyan
  15. tumeric -1
  16. Spoons -2
  17. rice washing bowl  -1 
  18. Fire woods
  19. Knife -1
For Bodi poojawa

  1. ‍‍Tray -1
  2. ‍cups -3
  3. Betle leaves,betle nut and lime
  4. Flowers
  5. incensestick
  6. Coconut oil
For accommodation

  1. Tents
  2. portable Lanterns
  3. Drinking water
  4. Torch
Things needed for Palathuru(fruits) Poojawa for a Person 

  1. pineapple -1
  2. Orange -1
  3. Pomegranate -1
  4. grapes -250g
  5. Mango-1
  6. Wood apple -1
  7. Beal fruit -1
  8. sugarcane -1
  9. Banana-Rath,Suwadel,Kolikuttu
  10. incensesticks -1
  11. red coloured clothe  -1
  12. Home made Coconut Oil -1
  13. ලොකු කපුරු පැකට් -1
  14. ලොකු පහන්තිර පැකට්-1
  15. betel leaves -9
  16. සුවද කුඩු පැකට් -1
  17. ලොකු පුජා වට්ටි-1
  18. knife -1
  19. turmeric -1
  20. king Coconut -1
  21. Coconut -1
  22. Box of Matches -1
  23. rose water -1
Seven,nine or eleven kinds of fruits for the poojawa which will produce a good fragrance is advisable