Kebiliththa devala, kebiliththa kotiyagala, kebiliththe, KIBILI, kibiliththa, LOKESAN,

Kebiliththa Dewalaya - කැබිලිත්ත දේවාලය

සුව පහසු සහ ආරක්ෂා කාරී ගමනක් සංවිධානය කරගැනීම සදහා එක් වන්න අප සමග.0777400860.kebiliththa

Kebiliththa Dewalaya - කැබිලිත්ත දේවාලය

pages

  • Home
  • photos
  • Muluthan Poojawa
  • Contact US
  • Route,
  • app/softwaya
  • Online TV
  • news papers of srilanka
  • About US

Translate

Showing posts with label kebiliththa. Show all posts
Showing posts with label kebiliththa. Show all posts

Sunday, June 22, 2014

kebiliththa /කැබිලිත්ත දේවාලය - එතිමලේවැව
කැබිලිත්ත දේවාලය වන්දනා කිරීමට යන ඔබට
ඔබ සිතින් කනස්සල්ලෙන්ද සිටින්නේ ඔබගේ ආරක්ෂිත වන්දනා ගමන පිළිබදව.. ?
ඇත්තටම මේ වන්දනා ගමන හරිම දුෂ්කර ගමනක්.සාමාන්‍ය වාහනයකින් මේ ගමන යන්න බෑ.මාර්ගය එරෙන සුලුයි.මේ සදහා හොදම වහනය ට්‍රැක්ටරයයි.මේ ගමන කැළේ මැදින් පැය ගණනක් යා යුතු ගමනක්.අලි,කොට්,වලසුන් හරහා යා යුතුයි.නමුත් මෙම සැදැවත් ගමන යන කිසි කෙනෙකුට කිසිම ව්පතක් වෙන්නේ නෑ. අපේ පළපුරුදු රියදුරන් ඉතා පරිස්සමෙන් ඔබව මෙම පින් බිමට රැගෙන යාවී. ඔබට සුරක්ෂිත ගමනාන්තයක් ලබා දීමට අපගේ පළපුරුදු රියදුරන් සැදී පැහැදී ඉන්නවා..
සුරක්ෂිත වන්දනා ගමනක් සංවිධානය කර ගැනීමට දැන්ම අමතන්න.
සිසිර : (+94)777 400 860
Posted by https://www.kabiliththalk.com/ at June 22, 2014 No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: devala, devalaya, devale, kebiliththa, Kebiliththa devala, kebiliththe, KIBILI

Thursday, August 16, 2012

Kebiliththa devala - මහ සියඹලාව දේවාලය

       රුහුණු කතරගම දෙවියන්ගේ පිහිටි ප‍්‍රාර්ථනාකර ගැනීමට කතරගම දේවාලයට එන බැතිමතුන් ඇති හැකි අය කතරගම දෙවියන් පිදීම සඳහා යන තවත් අනුහස් ඇති ස්ථානයක් යාල වනෝද්‍යානේ පිහිටා තිබේ.
ඒ සියඹලාව හෙවත් කැබිලිත්ත දේවාලයයි. දෙවියන්ගේ කැලය ලෙස අතීතයේ ජනයා හැඳින්වූ මෙම ඓතිහාසික භූමිය පිහිටා ඇත්තේ යාල ජාතික වනෝද්‍යානයට අයත් අංක තුන කලාපයේය.
         ‘‘මුහුණු සයකි අත් දොළහක් මයුරාපිට වාහනේ’’ කී සැණින් සංකේතවත් වන්නේ කතරගම දෙවියන්ය. කාර්තිකේය දෙවියන් ලෙස දෙවිවරු අතරිනුත්  අතිශය පුදපූජා ලබන දෙවියකු ලෙස කතරගම දෙවියන් සැලකේ. ස්කන්ධකුමාර, වේලූපිල්ලේ, මුරුගන්, වේලන්,  සුබ‍්‍රමනියම්, කන්දසාමි, කදිරදේව, කදිරවේල්, කාර්තික, තාරකාජින්,  යන නම් වලින් හින්දූ භක්තියන්ගේ වන්දනාමානයට පාත‍්‍ර වන්නේද කතරගම දෙවියන්ය.අදවනවිට හින්දු පමණක් නොව බෞද්ධයන් අතර ද සුවිශේෂ ඇදහීම්වලට මෙන්ම ගෞරවාදරයට පාත‍්‍රවූ දෙවියකු ලෙස කතරගම දේවියන් ප‍්‍රකටය. රෝග බියක දී, අතුරු ආන්තරාවක දී, පිහිටාරක්‍ෂාව මෙන්ම භවභෝග වගාවේදී ද ආරක්‍ෂක දෙවිකෙනකු ලෙස  කතරගම දෙවියන් ප‍්‍රකටය.බොහෝ අනුහස් ඇති දෙවියකු ලෙස කතරගම දෙවියන් විශ්වාස කරන අතර ජන ශූන්‍ය ප‍්‍රදේශවල දී කතරගම දෙවියන්ගේ පිහිටාරක්‍ෂාව ලැබීම ගැන විවිධ ජනප‍්‍රවාද ද සමාජයේ පවතී.
        මේ කැබිලිත්ත දේවලය කතරගම දෙවියන් භාවනා යෝගීව සිටීමට තිබෙන ස්ථානයකි.
අතීතයේදී අප රට ආ කුමන්ත්‍රණය කළ විදේශිකයන් කතරගම දේවලායේ වස්තුව පැහැර ගන්න මාන බැලූවා. අපේ මුතුන් මිත්තන් විදේශීය අක‍්‍රමණයෙන් දේවාලයේ වස්තුව බේරා කැබිලිත්තේ රාළ නමැති කපු මහත්තයාට දෙවියන්ගේ වස්තුව භාර කළා. ඔය අද තියෙන සියඹලා ගහේ තමයි ඒ වස්තුව හංගලා පූජාව කළේ. පස්සේ එම වස්තුව නැවත දේවාලයට රැගෙන ආවා. කැබිලිත්තේ රාළ  ඕලන්දකරයන් සමග තනියම ලොකු සටනක් කර මිය ගියා. එම කැබිලිත්තේ රාළ තමයි. කතරගම දෙවියන්ගේ  අණින් සියඹලා දේවාලය රැක ගත්තේ‘‘
මෙම භූමියේ ඇත්තේ දේවාලයක් ලෙස කුඩා අඩි 7ක් පමණ වන සියඹලා ගසකි.
සියඹලා ගස වටා ඇත්තේ මහා රූස්ස ගස් රැසකි. අඩි 12ක් පමණ රවුමක් මැද මෙම සියඹලාව පිහිටා ඇති අතර නිතර බිම අතු ගෑ අයුරින් පවිත‍්‍රව පවතී. කිසිදු කොළයක් මෙම භූමියට පතිත නොවන අතර කොතෙකුත් වන සතුන් ගැවසුන ද පුදුම නිහඬතාවයකින් පරිසරය සකස්ව පවතී.
මෙම ශුද්ධ භූමිය වටා බෝරුක් හා ගල්කණු දැකිය හැකි අතර වන්දනාකරුවෝ මෙම ස්ථාන වෙතද පැමිණ පුද පූජා පවත්වනු ලබයි. 1818 ඌවේ කැරල්ල මෙහෙය වූ කැරලිනායකයන් කතරගම දේවාලයට යාමට නොහැකි ව සෑම ප‍්‍රහාරයකටම ප‍්‍රථම කැබිලිත්ත දේවාලයට පැමිණ කඳසුරිඳුන්ගේ ආශිර්වාදය ලබාගත් බව ඌව ඉතිහාසය ලියූ පණ්ඩිත නාවුල්ලේ ධම්මානන්ද ස්ථවිරයන් පවා සඳහන් කර ඇත.
අතීතයේ ගොවි ජනයා සිය අස්වැන්නේ ප‍්‍රථම කොටස දෙවියන්ට පූජා කිරීමට මෙම කැලයට පැමිණි අතර වසර 30ක් පුරා අප රටේ පැවැති යුද්ධය හේතුවෙන් කිසිවකුටත් මෙම ස්ථානය වෙත පැමිණීමට නොහැකි විය.
මෙම ගමනෙ දී මොණරාගල දිස්ත‍්‍රික්කය, හම්බන්තොට දිස්ත‍්‍රික්කය, අම්පාර දිස්ත‍්‍රික්කය ද අසුවෙයි.
කුමන ජාතික වනෝද්‍යානයට පැමිණ යාල අංක තුනට අයත් කොටියාගල ඔස්සේ ඇති මාර්ගයයි.
මෙම කැබිලිත්ත හෙවත් සියඹලා දේවාලය වැඳ පුදාගැනීම ලෙහෙසි පහසු කාරියක් නොවේ. එම ගමනට යන අය මස් මාංශයෙන් තොරව මාසයක් පමණ පේවීම අනිවාර්ය වේ. මෙම ගමනට ෆෝවීල්, ජීප් රථ අඩුම තරමේ දෙකක් යා යුතුය. එම රථ මඬේ එරිමේදී ඇදිය හැකි පරිදි මෙම ජීප් රථ තිබිය යුතුය.
මෙවැනි ජීප් රියක කුලිය රුපියල් තිස් පන්දාහක් පමණ වෙයි.
මෙයට අමතරව මෙයට වඩාත් සුදුසුම වාහනය ලෙස සැලකිය හැක්කේ ටැක්ටරයයි. මෙම දේවාලය වැඳ පුදා ගැනීමට යනවිට නොඉඳුල් කැවිලි, පළතුරු රැගෙන යා යුතු අතර යන සෑම පිරිසක්ම දෙවියන් හට පැණි බත් පුදා කිරි ද ඉතිර විය යුතුයි.
මෙම ගමනට යන අය විවිධ වචන භාවිතයේදී කට පරිස්සම් කර ගත යුතුය.
මෙම ගමනේදී ඉතා දුෂ්කර මාර්ග රැසක් පසුකර යායුතුය. තලාකොළආර, කටුපිලආර වැනි ජල මාර්ග කිඹුලන්ගෙන් ගහනය.
යන මාර්ග කීපයක් තිබුණද යන සෑම අයකුම කැලේ දේවාලය අඩවියට පිවිසීමෙන් පසු කුඹුක්කන් ඔයට බැස යායුතුය. රැගෙන යන පලතුරු ඇතුළු පුද පූජා ගංවැල්ලේ ළිං හරා එම ජලයෙන් සෝදා, පූජාවට තැබිය යුතුවේ.
මෙම ප‍්‍රදේශයට ආවේනික වූ දේව නීති රැසක් පවතින අතර යන බෙහෝ පිරිසක් එම නීති කඩමින් පුද පූජා තැබීම මත විවිධ උපද්‍රවවලට ලක් වූ බවට බොහෝ කතා ඇත.
දෙවියන්ට තබන මුලුතැන් පූජාවට ගන්නා පොල් ගෙඩිය පවා ලීයකින් සාදවා ගත් හිරමනයකින් ගා ගත යුතුය. එයට යකඩ මුහු  නොකළ යුතුවේ.
    වන්දනාමානයට එන මුවාවෙන් ඇතමුන් මෙම භූමියේ පැරැණි නටඹුන් හෑරීමට ද ගස් කැපීමට ද යොමු වී ඇත.එසේ කළ අයට මොනයම් හෝ අකරතැබ්බ්යකට මුහිණ දීමට සිදු වේ.
දිනපතා පැමිණෙන පිරිස් පරිසරයට මුදාහරින කැළි කසළ ද මෙම සුන්දර මේ බිමට හානියක
භක්තියෙන් යන බැතිමතුන්ට සෙතක් ද භක්තියෙන් තොරව යන අයට හිරිහැර  දුක් කරදර  ඇතිවන බව එහි ගිය බොහෝ දෙනෙක් පවසති.

(~~සිසිර කුමාර~~ දු.අ: 0777 400 860)
Posted by https://www.kabiliththalk.com/ at August 16, 2012 1 comment:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: devala, kebiliththa, Kebiliththa devala, kebiliththe, pujava, මහ සියඹලාව දේවාලය

About Kebiliththa devale

 
The story is that the God Kataragama had met his future wife Walli amma on a rainy day near a tamarind tree at this place which is also called Siyambalawa devalaya or Kebliththa.
People at Kotiyagala respect this place very strongly and they are even scared to deal with this place.Everyone must be refrained from consuming all kinds of meat and alcohol for one week before the date of visit.This place is considered very sacred by devotees of God Katharagama .They believe that the Gods present staying place is Maha Siyambalawa Devalaya. It is believed that God Kataragama or Skanda Kumara meditates and occupies this ancient sacred land of Kabiliththa Devala.
Posted by https://www.kabiliththalk.com/ at August 16, 2012 No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: devala, devalaya, kebiliththa, Kebiliththa devala

location


Go to map >



tour to kebiliththa dewalaya


>>

කැඛිලිත්ත දේවාලය වන්දනා කිරිම/2013.06.07

tour to kebiliththa dewalaya

2013.06.07

Posted by https://www.kabiliththalk.com/ at August 16, 2012 No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: devala, devalaya, devale, kebiliththa, Kebiliththa devala, පිහිටි ස්ථානය, මාර්ගය

යාමට පෙර කළ යුතු දේවල්






















Posted by https://www.kabiliththalk.com/ at August 16, 2012 No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: devala, devale, kebiliththa, kebiliththe, යාමට පෙර කළ යුතු දේවල්

miracle of kebiliththa devalaya - හාස්කම්


පසුගිය දිනක ආණ්ඩුවට සම්බන්‍ධ ඇමතිවරයෙක් කොටියාගල පැත්තෙන් මහකැබිලිත්ත දේවාලයට යන්නට සිය සහචරයන් සමග පැමිණියේය. වාහන කිහිපයකින් පැමිණි මේ ඇමතිවරයාගේ ආරක්‍ෂක නිලධාරින්  සහ ඔහුගේ අතවැසියන් යැයි සිතිය හැකි පිරිස හැසුරුනේ නගරයේ දී හැසිරෙන ආකාරයටමය. මහ වනාන්තරය මැද කිලෝමීටර් තිහකට වැඩි දුරක් ගිය පසු හමුවන මහ කැබිලිත්ත සියඹලා දේවාලයට ගොඩවිය යුත්තේ කුඹුක්කන් ඔය එගොඩ වීමෙනි. එසේ එගොඩ වන්නට පාලම් නැත. ගගට බැස එගොඩ විය යුතුය.
කොටියාගල සිට යා යුතු මග ද පහසු නැත.  පුංචි වැස්සක දී වුවත් පාර මඩවෙයි. එවැනි අවස්ථාවල මඩවළවල් මගහැර ඒ අසලින් තවත් පාරක් තැනෙයි.
මීට පෙර පැවසූ ඇමති තනතුර දරන්නා පසුගිය කාලයේ සිය ගෝලබාලයන් ලවා කතරගම දේව අඩවියේ කතරගම දෙවියන් උදහසට ලක්වන ආකාරයේ සිදුවූ ක‍්‍රියාවන් රැසක් සම්බන්‍ධව සමාජයේ කතා බහට ලක්වූ ඇමතිවරයෙකි. මහකැබිලිත්ත සියඹලා වෘක්ෂයේ භාවනානුයෝගීව වැඩවෙසෙන කතරගම දෙවියන්ට පූජාවන් පවත්වා සිදු වූ වැරදිවලට සමාව අයැදීම ඇමතිවරයාගේ මේ ගමනේ අරමුණ බව ඔහුගේ ගෝලයෙක් සෙසු පිරිසට කියා තිබුණි.
මහකැබිලිත්තේ සියඹලා දේවාලයට මෙගොඩ පිහිටි ගංඉවුරට එන සියලූ දෙනා එතැන නැවතීම සිරිතය. පළමුව ගෙනා බඩුමුට්ටු දානය පිළියෙළ කිරීමට සූදානම් කරගනී. ඉන්පසු කුඹුකන් ඔයෙන් දිය නා ගංඉවුරේ වැල්ලේ වළවල් හාරා නොඉදුල් දියෙන් මුලතැන්බත් දානය සකසාගැනීම සිරිතය. එසේම මේ කටයුතු කරගැනීම සදහා නැවතී සිටින මෙගොඩ ඉවුරේ රාත‍්‍රී අදුර මැඩ ගන්නේ පහන් එළියකින් හෝ බැටරි උපයෝගී කරගෙන දල්වා ගන්නා බල්බයකිනි.
නමුත් මේ ඇමතිවරයා එහි පැමිණියේ විදුලි ජනක යන්ත‍්‍රයක්ද රැගෙනය. මහකැබිලිත්ත හෙවත් සියඹලා දේවාලය පිහිටි ප‍්‍රදේශය වනසතුන්ට වෙන්කළ ප‍්‍රදේශයක් බව අමතක කරන බොහෝ දෙනෙක් ඔවුන්ට හිරිහැර වන පරිදි හැසිරෙන අවස්ථාද තිබේ. නමුත් කිසිවෙකුත් එවැනි අයට අවවාද කරන්නට යන්නේ නැත. මේ අයද විදුලියජනක යන්ත‍්‍රයක් රාත‍්‍රියේ කි‍්‍රයාත්මක කිරීම සුදුසු නොවන බව අවබෝධයක් නැතිවූ පිරිසක් විය.
අදුර වැටෙන්නට පෙර කුඹුක්කන්ඔය අසලට පැමිණි පිරිස කූඩාරම් කිහිපයක් ඉදිකළහ. ඒවා ආලෝක කරන්නට විදුලි රැහැන් ද ඇද්දේය. ඇමතිතුමා ද මේ කටයුතු දෙස බලා සිටියේය. අඳුර දසත ගලා යද්දී විදුලිජනක යන්ත‍්‍රය පණගන්වන්නට උත්සාහ ගත්ත ද ඵලක් නොවීය. ඇමති ගෝලයෝ පැය ගණනාවක් තිස්සේම විදුලිජනක යන්ත‍්‍රය වෙනුවෙන් කාලය ගෙව්වත් ගෙනවිත් තිබූ විදුලි පන්දම් කිහිපය සහ පැමිණ සිටි අනෙක් බැතිමතුන් අදුර මකා ගන්නට ගෙනා ආලෝකයෙන් ඇමතිවරයා ඇතුලූ ගෝලබාල පිරිසත් එළිය බැලූහ. ඒ නිසා පාන්දරම දානය පිළියෙළ කරන්නට දෙවියන්ට පූජා කිරීමට ඇමතිවරයා තුළ තිබූ අදහස සඵල නොවීය.
මහකැබිලිත්තට එන පක්‍ෂ විපක්‍ෂ දේශපාලනඥයන්ගෙන් අඩුවක් නැත. වසර විසිපහක් වනජිවී දෙපාර්තමේන්තුවේ සේවය කර ඉන් ඉවත්ව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කරන තිස්සමහාරාමයේ විමල් කොඩිතුවක්කු මහතා මහකැබිලිත්ත දේවාලයට නිතර යනෙන තැනැත්තෙකි. ඔහු මහකැබිලිත්ත දේවාලයට ගිය අවස්ථාවක එහි පැමිණ සිටි තවත් ඇමතිවරයෙකුට වූ ඇබැද්ධියක් විස්තර කළේය.
‘‘මේ ඇමතිතුමා ඇතුලූ පිරිසට පාර පෙන්වීම මට පැවරී තිබුණා. අපි කොටියාගල පැත්තෙන් ගියේ. අදුර වැටෙන්න ඉස්සර කිලෝමීටර් තිහක විතර දුර ගෙවාගෙන කුඹුක්කන් ඔය අසලට ගියා. වෙලාව තිබුණ නිසා මම ඇමතිතුමාට කිව්වා ‘අපි පූජාව තිබ්බොත් හොදානේද’ කියලා. ඇමතිතුමා ගත් කටටම කිව්වා උදේ පූජාව තමා අනුහස් තියෙන්නේ ඒ හින්දා උදේම පූජාව තියමු කිව්වා.’’
‘‘ඇමතිතුමාගේ වචනයට අභියෝග කරන්න මට බැරි නිසා ‘හා...හොදා’ කියලා මමත් හිටියා. ආපු අය සමහරු කූඩාරම් ගහගෙන හිටියා. තව සමහරු පැදුරු, ඉටිරෙදි එලාගෙන බිම නිදාගත්තා. පාන්දර එකට දෙකට විතර ගග ගලන ශබ්දයේ වෙනසක් මට ඇහුනා. මම තව කිහිප දෙනෙකුට කතා කරලා විදුලි පන්දමත් අරගෙන ගිහිං කුඹුකන්ඔය පැත්තට එල්ලකර බලද්දි කුඹුක්කන් ඔය දෙගොඩතලා ගලනවා. හැබැයි අපි හිටිය තැනට වැහි පොදක්වත් තිබුණේ නෑ.’’
‘‘ඇමතිතුමාටත් කට්ටිය ඒ වෙලාවෙම කතා කරල කිව්වා. එතකොට අඩි පහ හයක් විතර වතුර වැඩිවෙලා තියෙන්න ඇති. ඇමතිතුමා කිව්වා එළිවෙනකොට අඩුවෙයි කියලා. පාන්දරත් වුණා. කුඹුක්කන් ඔයේ වතුර වැඩිවෙනවා මිස අඩුවීමක් නෑ. දැන් වතුර මට්ටම අඩි නවයක් විතර ඇති. දවල් දොළහ වෙනකම් බැලූවා. ඒත් අඩුවක් නෑ. මම කලින් දවසේ ආපු ගමන්ම කිව්වානේ අපි මුලින්ම පූජාව තියමු කියලා. ඇහුවේ නෑ නොවැ. දවල් දහය විතර වෙනකොටත් ග`ග අඩු නොවුන හින්දා ඇමතිතුමා මගෙන් ඇහුවා ‘දැන් අපි දේවාලෙට යන්නේ කොහොමද?’ කියලා.’’
‘‘ඇත්තටම දේවාලයට යනවා තියා හිතන්නවත් බෑ. මම කිව්වා මෙගොඩ ඉදලා දානය පිළියෙළ කරලා, දවල් නොවුණොත් බෝධියට බුද්ධපූජාව තියලා කතරගම දෙවියන්ට  පින් දීලා දේවාලය පැත්තට තියන ගහක් මුල ගෙනා ඉතිරි පූජා බඩු එන කාට හරි ගන්න පුලූවන් විදියට තියලා ආපහු යමු කියලා. ඇමතිතුමාත් ඒකට එකග වුණා. මහකැබිලිත්ත සියඹලා දේවාලයට යන්න ආ ගමන කුඹුක්කන් ඔයේ මෙගොඩ ඉවුරට සීමාකරලා, දේවාලය පෙනි පෙනී ගමන නවතා ආපහු එන්න සිද්ධ වුණා. ඒ සිද්ධියෙන් පස්සේ තමයි ඇමතිතුමාටත් එයාගේ ගෝලයන්ටත් මහකැබිලිත්තේ හාස්කම් තියනවා කටවරද්දාගන්න හොදනෑ කියලා හිතිලා තිබුණේ.’’ විමල් කොඩිතුවක්කු සිය අත්දැකීම විස්තර කළේය.
අපවත්වී වදාළ අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්‍ද මෛත‍්‍රය මහනාහිමිගේ ශිෂ්‍ය නමක්වූ ලන්ඩන් නුවර වැඩවෙසෙන බඹරබොටුවේ ආනන්‍ද හිමි ඇතුලූ පිරිසක් මීට මාසයකට පමණ පෙර මහකැබිලිත්ත දේවාලය බලා වැඩම කළහ.
‘‘මගේ ගුරුදේවයාණන් වූ අග්ගමහා පණ්ඩිත ආනන්‍ද මෛත‍්‍රය මහනාහිමියන් කතරගම දෙවියන් ජීවමානව දුටු බව උන්වහන්සේ විසින් රචිත ලිපි කිහිපයකම දක්වලා තියනවා. උන්වහන්සේ ජීවත්ව සිටියදී කතරගම දෙවියන්ට නිතරම පින් අනුමෝදන් කරනවා. මම මහකැබිලිත්තට ගියේ එතන බලලා කතරගම දෙයියන්ට පින් අනුමෝදන් කරන්න.’’
‘‘අපි මොනරාගලට ගිහිං එතනින් කොටියාලට ගියා. කොටියාගලින් තමයි කැලේට ඇතුල්වුණේ. මහවැස්සක් පටන්ගත්තා. එකතැනකින් අපේ ජීප්එක ගත්තේ බොහොම අවදානමෙන්. වාහනය ඇලවුණ ආකාරය දැක්කාම අනතුරක් වෙයිද කියලා හිතුණා. නමුත් අන්තරාවක් නැතුව අපි ඒ බාධකයෙන් එගොඩ වුණා. වැස්සෙම අපි මහ කැබිලිත්තට ගියා. ටිකදුරක් යනකොට වැස්ස නැවතුණා.’’
‘‘කුඹුක්කන් ඉවුර ළගට යනකොට තවත් ගොඩාක් අය වාහන සහ ට‍්‍රැක්ටර්වලින් ඇවිත් හිටියා. කුඹුක්කන් ඔයේ ඉවුරුදෙකේ තියන  බෝධීන් දෙනම වන්දනා කරලා කතරගම දෙවියන්ට පින් අනුමෝදන් කරලා මහසියඹලාව සහ කුඩා සියඹලාව බලලා ආපහු එන්න පිටත්වුණා. එතකොට අඳුර වැටිලා තිබුණේ. ටිකදුරක් එනකොට ගමන අමාරු බව අපිට තේරුණා. දහවල් වැස්ස නිසා වතුර පිරුණු තැන්වලින් ට‍්‍රැක්ටර් සහ ජීප් ගිහිං හොදටම මඩවෙලා.’’
‘‘පැය කිහිපයක් මෙහෙම එද්දි තුංමං හන්දියක් හමුබ වුණා. අපි එතනින් වමට හැරෙව්වා. වාහනේ හිටිය කිහිපදෙනෙක් කිව්වා වමට නෙවෙයි දකුණට නේද කියලා. නමුත් පාර මඩවෙලා හින්දත් අ`දුර පැතිර තිබූ නිසා වට පිටාව නොපෙනුන නිසාත් අපට යායුතු හරිපාර අවබෝධ කරගන්න බැරිවුණා. අපි වමට  තිබුණ පාරදිගේ ගියා. පැය භාගයක් විතර එහෙම යන්න ඇති. වතුර පිරුණු මහ මඩවළක් ඉදිරියෙන් පෙනුණා. එතනින්නම් කොහොමත් යන්න බෑ. අපි ළ`ග තිබුණ විදුලි පන්දම්වලින් අවට සෝදිසිකරන කොට මඩවළෙන් එගොඩ අලි රංචුවක් ඉන්න බව පෙනුණා. අපි යද්දි මෙහෙම තැනක් හමු නොවුන නිසා අපි හිතුවා පාර වැරදුනා කියලා. බොහොම අමාරුවෙන් වාහනය හරවාගෙන ආපහු පිටත් වෙන්න ආවා. දැන් වෙලාව රෑ දහය හමාරට විතර ඇති.’’
‘‘අපි මෙහෙම ටික දුරක් එනකොට කැලේ මැදදි මිනිහෙක් මුණ ගැහුණා. හේනකට යන කෙනෙක් වෙන්න ඇති කියලා හිතුණා. අපි එයාගෙන් කැලෙන් එළියට යන  පාර ඇහුවා. ඉස්සරහින් දකුණට දාලා යන්න කිව්වා. ඒ විදියට අපි ආවා. දැන් අපිට යද්දි අමාරුවෙන් ගොඩවුණ තැනින් ආපහු එගොඩවෙන්නේ කොහොමද කියලා බයකුත් එක්කයි ආපහු එන්නේ. හිතාගන්නවත් බැරිතරම් පුදුමයක්. අපි ආපු පාරෙන් කැලෙන් එළියට ආපු තැන වෙනතැනක්. අරවාගේ බාධකයක් එතැන තිබුනේ නෑ. කැලේදි හම්බවුණ කෙනා පෙන්නපු පාරෙ තමයි අපි ආවේ. ඇත්තටම ඒ වනසතුන් ඉන්න මහකැලේදී රාත‍්‍රියේ හම්බවෙලා පාර පෙන්නුවේ කවුද කියන්න අපිටත් පුදුමයි.’’ ආනන්‍ද හිමියෝ සිය අත්දැකීම් පැහැදිලි කළේය.
        මේ ගමනට එක්වූ පිරිසක් ගමන් කළ නවීකරණය කළ ජීප් රථයේ විඤ්චිය හෙවත් තිරිංගල (winch)  පහසුකම් තිබුණි. බොහෝ තැන්වල දී මෙම විඤ්චිය හෙවත් තිරිංගල (winch)  පහසුකම් භාවිතා කරන්නට වූයේ මඬේ එරුණ නිසාය. මහ කැබිලිත්තට ළගාවනවිට දහ පහළොස් පළකදි  විඤ්චිය හෙවත් තිරිංගල (winch)  භාවිත කිරිම නිසා එහි වූ කේබලය පිටපොට එතීමෙන් එක් තැනක තැලී ඇතිබවක් පිරිසට පෙනුණි. යම් හෙයකින් එය භාවිතා කිරිමකදී කැඞීයාමට පවා හැකිය.
පැමිණි පිරිස පසුදින අලූයම පිරිසිදුවී කුඹුකන්ඔයේ වැල්ලේ දී  භක්තියෙන් යුතුව මුරුතැන් බතකුත් සාදා පූජාවට්ටි දහයක්ද පිළියෙළ කරනු ලැබීය. කුඹුක්නන් ඔයේ ඉවුරු දෙකේ පිහිටි බෝධීන් වහන්සේලා වෙත බුද්ධපූජාව පූජාකර සුදුපිරුවට වලින් සැරසී මහකැබිලිත්ත දේවාලයට ගොස් පූජාවන් පවත්වා තම ව්‍යාපාර දියුණුවන්නටත්, කරන කියන රැුකීරක්‍ෂා ආදිය දියණුවන්නටත් කතරගම දෙවියන්ගේ ආශිර්වාද ඉල්ලූහ. එමෙන්ම ආපසු ගමනේදී අතුරු අන්තරාවකින් තොරව නිවෙස්වලට යන්නටත් කතරගම දෙවියන්ගේ ආශිර්වාද ඉල්ලා සිටියහ.
ආපසු ගමන අවදානම්ය. අලකොලආර සහ කලූකුඤ්ඤංආර තරණය කිරීම පහසු නැත. තද බැවුම් සහිත වූ ඉවුරු දෙකින් වාහන ගොඩ කරන්නට විඤ්චිය හෙවත් තිරිංගල (winch)  අනිවාර්යයෙන්ම භාවිත කළ යුතුය. නමුත් එහි කම්බිය තැලී තිබීම අවදානම් සහගතය. මෙම ආරවල් දෙකේ ඉවුරුවලින් අංශක අසුවක ආනතියෙන් යුතුව වාහන දෙකම ගොඩකෙරුණේ විඤ්චිය හෙවත් තිරිංගල (winch)  උපකාරයෙනි. තැලූණු කේබලය ‘‘ටක...ටක...’’ ගාමින් හඩක් නිකුත් වෙද්දී සියල්ලෝගෙම හදවත් ගැහෙන්නට විය.
ඒවනවිටත් එක් ජීප් රථයක් කලූකුඤ්ඤංආරේ ඉවුරේ අංශක අසුවක ආනතියෙන් හෙමින් හෙමින් උඩට එමින් තිබුණි. ‘‘කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිට අපිට තියනවා’’ හැමෝම තම තමන්ට කියා ගත්හ. පුදුමයකි. අනතුරක් නොවිණි. කරදරයකින් තොරව කලූකුඤ්ඤංආර ද තරණය කෙරිණි.
කලූකුඤ්ඤංආර පහුකර ටිකදුරක් එද්දී විඤ්චිය හෙවත් තිරිංගල (winch)  සහිත වූ ජීප් රිය කුඩා මඩවලක එරුණේය. ෆෝවිල් පහසුකම් භාවිතාකර මඩවලෙන් ගොඩඑන්නට ගත් උත්සාහය අසාර්ථක විය. ‘‘විඤ්චිය හෙවත් තිරිංගල (winch)  ගහකට දාලා අල්ලමු’’ ජීප් රථයේ සිටි  පිරිස තීරණය කළහ.
‘‘මේක විඤ්චිය දාන්න තරම් අමාරු තැනක්යැ. කමක් නෑ දාමු’’යි කියූ පිරිස විඤ්චිය ගහකට දමා ජීප් රිය හෙමින් හෙමින් ඉදිරියට ගත්තේය. එකවරම ඇසුණු ‘‘දඩස්’’ ශබ්දයෙන් පිරිස තැතිගත්තේ කුලූමීමෙක් හෝ අලියෙක් කඩා පැන්නාය යන සිතුවිල්ල නිසාය. එහෙත් සිදුව තිබුණේ වෙන එකකි. විඤ්චියේ කම්බිය තැලී තිබූ තැනින් කැඞී වෙන්ව තිබුණි.
‘‘හොද වෙලාවට මේක මෙතනදි කැඩුණේ. ලොකු බෑවුමක් අදින කොට කැඩුණානම් මහ අනතුරක් වෙනවා’’ පිරිසේ කෙනෙක් කීවේය. ‘‘කතරගම දෙවියෝ අපි දිහා බලලා තමයි මේක මෙතනදි කැඩුණේ. දැන් අපි මේකේ කැඩුණ කැල්ල අයින් කරලා මෙතනට කොක්කක් දාගෙන බය නැතුව ඉස්සරහට යමු’’ තවකෙක් කියමින් සිදුව තිබූ ආපදාව දුරු කරගත්තේය.
       මීට වසර දාහතකට පෙර රුහුණු විශ්ව විද්‍යාලය උද්භිද විද්‍යා අංශය මගින් යාල වනෝද්‍යානය සම්බන්‍ධව කළමනාකරණ සැලැස්මක් සකස්කිරීම ඇරඹුණි. ඨෑත්‍ ව්‍යාපෘතියක්වූ මෙම සැලසුම සකස්කිරීමේ කටයුත්තේ විදෙස් විශේෂඥයන් වුයේ ඉන්දියානු වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්වූ එච්.එස්. පබ්ලා සහ එච්. එස්. පාවා යන මහත්වරුය. රුහුණු විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් වන එස්.ඞී. සමරකෝන් සහ මෝලි පණ්ඩුල සිල්වා යන මහත්වරු සැලැස්ම ක‍්‍රියාත්මක කිරීමේ ප‍්‍රධානීන් විය.
ඉන්දීය විශේෂඥයන්ගේ උපදෙස් මත යාල කලාප අංක එක, දෙක, තුන, හතර හා පහ මෙන්ම නිමලව, කටගමුව, කතරගම යන අභයභූමි වල පිහිටි ශාක පිළිබද පර්යේෂණ කිරීම මෙම ව්‍යාපෘතියේ මුලික වගකීම විය. මාතර රුහුණු විශ්ව විද්‍යාලයෙන් පාන්දර පිටත්වී දිනක් හෝ දෙකක් යාලට පැමිණෙන පර්යේෂකයන් යළිත් දින කිහිපයකට පසු නැවත යාල කැලේ සංචාරය කරති. මේ ස`දහා වනජිවී දෙපාර්තමේන්තුවෙන් වනජීවී නියාමකයෙකුද පර්යේෂකයන්ගේ සහයට පැමිණියේය. පර්යේෂණ කණ්ඩායමට අවම තරමින් දහ දෙනෙකුවත් අයත්විය.
යාල ජාතික වනෝද්‍යානය කතරගම දෙවියන්ගේ අඩවිය බව හැමෝම දනිති. පර්යේෂණ හෝ වෙනත් කටයුත්තක් සදහා හෝ වනාන්තරයට ඇතුලූවන විට කතරගම දෙවියන් වෙනුවෙන් සිදුකරන සිරිත් විරිත් සිදුකර වනාන්තරයට ඇතුලූවීම සිරිතය. එසේ නොමැති අවස්ථාවල යම්යම් බාධාවන් මෙන්ම අකරතැබ්බ වලට මුහුණ පාන්නට වෙතිය යන විශ්වාසයක් පවතී.
මෙම පර්යේෂණ වල නිරත මහාචාර්ය සමරකෝන්, මෝලි සිල්වා, ඞී.කේ. ශාන්ත දිසානායක යන මහත්වරු සමග එවකට රුහුණු විශ්ව විද්‍යාලයේ උද්භිද විද්‍යා අංශයේ පර්යේෂණ සහකාරවරයෙක්වු වර්තමානයේ වනජීවී දෙපාර්තමේන්තුවේ දකුණු ප‍්‍රදේශය භාර සහකාර අධ්‍යක්‍ෂවරයෙක්වූ  ප‍්‍රශාන්ත විමලදාස මහතාද එක්ව සිටියේය.
පිරිස මාතර සිට පාන්දරම යාලට ගියහ. යාලදී වනජිවී නියාමකවරයෙක්වු ජයසේන මහතා තුවක්කුවක්ද අතැතිව ගමනට එක්වූයේ පිරිසේ ආරක්‍ෂාවටය. යාල කැලේ බොහෝ තැන්වල පර්යේෂණ කළ පිරිස කලාප අංක එකේ ජබුරාගල සහ විලපලාවැව අතර ප‍්‍රදේශයේ ශාක අධ්‍යයනය කිරීමට අදහස් කරගෙන සිටියහ.
ඒ අනුව පිරිස යාල වනෝද්‍යානයේ මහාසීලව සංචාරක බංගලාවට ගොස් එතැන්සිට විලපලාවැව හරහා ජබුරාගලට යාම අරමුණවිය. ඒ අනුව ගමන් මාර්ගය සොයා ගැනීමටත් යන ඉසව්ව තීරණය කිරීමටත් මාලිමා යන්ත‍්‍රද යොදාගෙන යන ස්ථානවල සැලැස්මක් අදින ලදී.
අදින ලද මාර්ග සැලැස්ම සහ මාලිමාවද උපයෝගි කරගෙන පිරිස මහසිලව වැව අසලින් ඝනකැලෑවට පිවිසියහ. ඉදිරියෙන්ම ගමන්ගත්තේ මහාචාර්ය සමරකෝන් මහතාය. කැලෑවේ ඇති උස්, මිටි, ගස්වර්ග ද නාදුනන ගස් වර්ගද පිරිසේ නිරීක්‍ෂණයන්ට ලක්වෙමින් තිබිණි. ඇතැම් නාදුනන ගස් වර්ගයක් දුටුවහොත් එයින් කොළ අත්තක් කඩාගෙන ඒමටද පිරිස කටයුතු කරගෙන තිබුණි.
මෙලෙස සැහෙන දුරක් ඇවිද  යද්දී කැලේ ඇතුලේ වු පැලැස්සක් (ඝන කැලැවක් ඇතුළතදි හමුවන පිටිය පැලැස්ස නමින් හදුන්වයි) හමුවිය. අක්කර එකහමාරක් පමණ විශාලවූ එහි නැවතුනු පිරිස ටිකවෙලාවක් ගිමන් හරින්නට වූහ. පිරිස රැගෙන ආ බිස්කට් කා ටික වෙලාවක් ගිමන් හැර යළි පිටත්වන්නට වුයේ මහසිලවදි සකස් කෙරුණු සැලැස්ම අනුවය.
පිරිසට යා හැකිවුයේ කිලෝමීටර් භාගයක් පමණ දුරක් පමණි. දැවැන්ත අලියෙක් ඔවුන් ඉදිරියේ ඉන්නා අයුරු පිරිසේ නෙත ගැටිණි. මෙවැනි වෙලාවක තනි අලියෙකු ඉදිරියට මුණ ගැහීම අනතුරු ගණනාවකට හේතුවිය හැකි නිසා අලියා ම`ගහැර යාම සුදුසුම කාරණය බව පිරිස තීරණය කළහ. අලියා සිටිනවා පිරිස දුටුවත් අලියාට පිරිස ගැන ඉව තවමත් නොවැටී තිබීම පිරිසේ වාසියට කරුණක් විය. අලියා කණ්පට ගහන ශබ්ද පවා දැන් පිරිසට ඇහෙයි. ඉන් හැගී ගියේ අලියා තරමක් තමන්ට ලංවන බවකි.
වහාම ගමන්කර දිශානතිය වෙනස් කර ඉදිරියට යාමට පිරිස තීරණය කළහ. දැන් පිරිස ඝනකැලෑව මැද්දෙන් ඉදිරියට ඇදෙයි. පැය එකහමාරක් පමණ මෙසේ ඉදිරියට යනවිට පිරිසට හැගීගියේ තමන් කෑලෑවේ අතරමං වූ බවකි. අලියා ගැන හිත හිතා කැලෑවෙන් ඉදිරියට යද්දි යායුතු ඉස්ව්ව වැරදී ඇතිබව වනජිවි මගපෙන්වන්නාටද අවබෝධවී තිබුණි.
කෙසේ වෙතත් තවත් ටිකක් ඉදිරියට යද්දී පිරිසට නැවතත් පැලැස්සක් හමුවිය. මේ කියන කාලයේ කොටි ත‍්‍රස්තවාදයද ව්‍යාප්තව තිබූ වකවානුවකි. කොටි ත‍්‍රස්තයන්ගේ ක‍්‍රියාකාරකම් යාල කැලෑවේද ක‍්‍රියාත්මක වෙමින් පැවතිනි. අලූතින් හමුවු පැලැස්සෙන් පිටවිය යුතු ඉසව්ව කොහේදැයි පිරිස හොයන්නට විය. මේ අතර පැලැස්සේ තිබී බිස්කට් කවරයක කැල්ලක් හමුවිය. ඒ කවර කෑල්ල මේ පිරිස විසින් පැය කිහිපයකට පෙර ආහාරයටගත් බිස්කට් තිබූ කවර කෑල්ලක් විය. කා අතින් හෝ එය අතපසුවීමකින් වැටී තිබුණි. මෙයින් පිරිසට එක කරුණක් අවබෝධ විය.
කැලැවේදි හමුවු දැවැන්තයා මගහරින්න ගමන් මගේ දිශානතිය වෙනස් කර ඉදිරියට ගොස් ආපසු ඇවිත් තිබුණේ ගමන පටන්ගත් තැනටම ය. ඒබව හො`ඳින් අවබෝධවූයේ බිස්කට් කවර කෑල්ලෙනි. වනජිවී මගපෙන්වන්නාවු ජයසේන මහතා සහ මහාචාර්ය සමරකෝන් මහතා කතරගම දෙවියන් සිහිකර කොළ අත්තක් කඩා එල්ලා තමන් ආ රාජකාරිය කිරිමට කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ලබාදෙන ලෙස ඉල්ලූහ.
ඉන්පසු පිරිස නැවතත් පෙර සැලසුම අනුව ගමන ආරම්භ කළහ. පැය දෙකකට පමණ ලංවෙද්දී ඉලක්කයවු විලපලා වැවට එන්නට හැකිවිය. නමුත් සැලැස්ම අනුව හිතපු තැනට කිලෝමීටර් භාගයක් පමණ ගමන් මග වෙනස්වී තිබුණි.  කෙසේ වෙතත් නිරීක්‍ෂණ කටයුතු අවසන් කර ආපසු මහාසීලව වැව දෙසට එන්නට පිරිස පිටත්වුහ.  එසේ එනවිට නැවතත් මහා සද්ධන්ත අලියෙක් ඔවුන් එන පාර මාරුවන අයුරු පිරිසට නෙත ගැටුණි. ඒ තමන්ට මුලින්ම හමුවු දැවැන්තයා බව පිරිසට වැටහිනි. අලියා ගමන් කළ මාර්ගයට සමාන්තර මාර්ගයකින් පිරිසද ඉදිරියට පැමිණ ඇතිබව අවබෝධ විය.
කෙසේ වෙතත් මෙවැනි සද්ධන්තයෙකු කැලේදි හමුවීම භයානකය. පාර මාරුවු අලියා මගහැර සිටි පිරිස, අලියා මහාසීලව කලපුව පැත්තට ගියපසු යාල වනොද්‍යානයේ පාරකට පැමිණයහ. මේ කාලයේ සන්නිවේදන ක‍්‍රම කිසිවක් ක‍්‍රියාත්මක නොවු වකවානුවක් නිසා පලටුපාන කාර්යාලයට පණිවිඩයක් යැවිය හැකි ක‍්‍රමයක් සෙවීය. එවිට පැමිණි සංචාරකයන් රැගත් වාහනයකින් යාල පලටුපාන කාර්යාලයට පණිවුඩයක් යවා වාහනයක් ගෙන්වාගෙන මේ පිරිස ආපසු පැමිණිමට සමත්විය.
මේ පිරිස අතින් සිදුවු යම් වරදක් හේතුවෙන් කැලෑවේදී පාර වරදින්නට ඇතැයි ඔවුහු සිතුහ. කතරගම දෙවියන්ට කොළ අත්තක් එල්ලා බාරවීමෙන් පසු උපද්‍රවයකින් තොරව එන්නට හැකිවු බව කාගේත් විශ්වාසය විය.
කතරගම දෙවියන්ගේ අඩවියේ කටවරද්දා ගැනීම සමහර අවස්ථාවල  විපත් ගෙනෙන බවට දැඩි විශ්වාසයක් පවති. එනිසා අඩවියට පිවිසෙන  බොහෝ දෙනෙක් කතාකරන්නේ දෙවියන්ගේ පිහිටෙන් ‘‘කරන්න බලමු.’’ ‘‘යන්න බලමු’’ ආදි වශයෙනි.
මේ අතර මීට වසර  දෙක තුනකට ඉහතදී කුමන වනෝද්‍යානයේ ඇදකුඹුක ක`දවුරු බිමට පිරිසක් පැමිණියහ. යාල සහ කුමන ජාතික උද්‍යානයට ඉතාමත් ආදරය කරන පවුල් කිහිපයක සාමාජිකයන් ඒ අතර වූහ. පිරිසෙන් වැඩි දෙනෙකුට වනෝද්‍යානය හුරුය. එහෙත් පිරිසේ සිටි ඇතැම් කාන්තාවන් ‘‘දෙවියන්’’ හෝ ‘‘හාස්කම්’’ ගැන කිසිදු විශ්වාසයක් නොතැබුවෝ වුහ. ඔවුහු වැඩි දෙනෙක් රාජ්‍ය සහ පෞද්ගලික අංශවල ඉහළම තනතුරු දරන්නියන් වුහ. වනජිවී නියාමකයකුගේ මග පෙන්වීම යටතේ පිරිස කදවුරු බිමට ගියහ. දිනතුනක් ඇදකුඹුක කදවුරු බිමේ සිටි පිරිස අතර සිටි කාන්තාවක් පවසා තිබුණේ පසුදින තමන්ට රාජකාරියට අනිවාර්යයෙන් යායුතු බවයි. ඒනිසා එදින කුමනින් පිටත්විය යුතු යැයි ඇගේ ඉල්ලීම විය. ඒ අනුව පිරිස තුන්වන දින දහවල් දෙකයි තිහට පමණ ඇදකුඹුක කදවුරෙන් පිටත්විය.
ඇදකුඹුකේ සිට කුමන විල්ලූ හරහා ඔකද පිවිසුම් මධ්‍යස්ථානයට පැමිණි පිරිස වනජීවි මගපෙන්වන්නා එහි බස්සවා පිරිස කොළඹ බලා පිටත්ව ගියහ. මේ පිරිස පැමිණ සිටියේ අති නවීන වාහන වලය. පිරිස අතර යාන්ත‍්‍රික ඉංජිනේරුවෙක්ද සිටියේය. එහෙත් ඔකද සිට පානම දෙසට කිලෝමීටර් තුනක් පමණ දුරක් ගෙවා එද්දී හමුවන වෑකඩ හරියේදී ඉක්මනින් යන්නට  ඕනෑ බව කී කාන්තාව ගමන් කළ වාහනයේ කාර්මික දෝෂයක් ඇතිවිය.
ඇන්ජිම නැවතුන වාහනය පණගැන්වීම සදහා පිරිස නොගත් උත්සාහයක් නැත. එහෙත් ඒ කිසිදු උත්සාහයන් ඵලක් නොවීය. අවසානයේදී ඔක`ද වනජීවි කාර්යාලයට සිද්ධිය පිළිබදව දැනුම් දෙනු ලැබීය. ඉන් අනතුරුව ක‍්‍රියා විරහිත වාහනය වෙනත් වාහනයකින් ඔක`ද වනජිවි කාර්යාලයට ආපසු ඇදගෙන එනු ලැබීය. රාත‍්‍රියේද කාර්මික දෝෂය මගහැරවීමට උත්සාහ කළේය. එහෙත් ඵලක් නොවීය. උත්සාහය අතහැරදැමු පිරිස නින්දට වන්හ.
ක‍්‍රියාවිරහිත වාහනය අලූත්වැඩියා කිරීමට  කාර්මිකයෙක් සොයාගෙන පොතුවිල් ප‍්‍රදේශයට යාම හෝ වාහනය එහි ඇදගෙන යාමකළ යුතුය. මේ අතර පසුදා උදේ එහි රියදුරු වාහනයට එහි යතුර යොදා පණගැන්වීමට නිකමට මෙන් උත්සාහ කළේය. පුදුමයකි වාහනය පණ ගැන්විනි.
මෙදින රාජකාරියට යාමට අවශ්‍ය බව කියා ගමන ඉක්මන් කළ කාන්තාවට තමන්ගේ බලාපොරොත්තු අතහරින්ට වු අතර පිරිස ඇයට කියා සිටියේ  ඇය පෙරදින ‘‘ කටවරද්දා’’ ගැනීම නිසා සියලූ දෙනාටම රස්තියාදු වන්නට සිදුවු බවයි. කතරගම දෙවියන්ගේ අඩවියේ ‘‘හාස්කම්’’ ඇතිබව පිරිසේ සිටි කාන්තාවන් සියලූ දෙනාම විශ්වාස කරන්නට පටන්ගත්තේ මෙම සිදුවීමෙන් පසුවය.
කතරගම දෙවියන්ගේ හාස්කම් වත්මන් කුමන වනොද්්‍යානයට අයිතිවු අතීත කුමන ගම්මානයට බෙහෙවින්ම බලපෑ බව එදා ‘‘කුමන’’ ගම්මානයේ පදිංචිව අද ඉන් ඉවත්වූ වැසියෝ උදාහරණ සහිතව පෙන්වා දෙති. එදා ‘‘කුමන’’ ගම්මානයේ සිටි අයගෙන් වනෝද්‍යානයේ ආරක්‍ෂාවට වනජීවී දෙපාර්තමේන්තුවට ලැබුනේ නොමද සහායකි.
‘‘කුමන’’ ගම්මානයේ ඉපදි හැදි වැඞී, වනජිවි දෙපාර්තමේන්තුවේ වනසත්ව අඩවි සහකාරවරයෙකුවන බී.ගුණසිංහ මහතා ‘‘කුමන’’ ගම්මානයේ වැසියන්ට වු තවත් සිදුවීමක් සිහිපත් කළේය.
‘‘අපි කුමන ගමේ ඉන්දැද්දි මේ සිදුවීමට කිහිප අවස්ථාවකදිම මුහුණ දුන්නා. ගමේ වැඩිහිටි පිරිමි කුඹුරුවල වැඩට ගියාම කෑම අරගෙන යන්නේ ගෙවල්වල ඉන්න ගෑණු අය. හැබැයි මස්මාලූ මොනවත් නෑ. එළවලූ සහ බත් තමයි තියෙන්නේ. තව මොනවා හෝ කැලෙන් හොයාගත්ත අලවර්ගයක් තියනවා. කෑම ගෙනියන කාන්තාවෝ කුඹුරට යන්නේ නෑ. ඒ අය සමග පොඩි පිරිමි ළමයෙක් බොහෝවිට යනවා. අලි කොටි වළස්සු ඒ කාලේ අඩුවක් නෑ. ගෙදර ඉදලා කුඹුරට යන ගමන හරිම අවදානම්. කුඹුර ආසන්නයට ගියාම අර පිරිමි ළමයා කුඹුරට ගිහිං ඇඹුල ගෙනාවා කියලා පණිවිඩය දෙනවා. කුඹුරේ වැඩකරන පිරිමියෙක් නැත්නම් දෙන්නෙක් මගට ඇවිත් කාන්තාවන් අත තියෙන ඇඹුල අරගෙන යනවා.’’
‘‘මෙහෙම ඇඹුල අරගෙන යන සමහර දවස්වල වල් අලි පාරේ ඉන්නවා.  කුලූහරකුත් ඉන්නවා. ඒ වගේ අනතුරක් තියන දවස්වලට අපි බයෙන් තමයි යන්නේ. එකදවසක් එහෙම යනකොට අපි ඉස්සරහින් රතු ඇදගත්ත කෙනෙක් යනවා. හැබැයි කවුද කියලා මුහුණ පේන්නේ නෑ. අක්කලා දෙන්නෙක් එක්ක මම තනිවට ඇඹුල අරගෙන යන්නේ. මෙහෙම යද්දී ටිකදුරකදි හමුවුන වංගු දෙකෙන් පස්සේ අර රතු ඇ`දගත්ත කෙනා අතුරුදන් වෙලා. ඒ අපේ ආරක්‍ෂාවට කතරගම දෙවියො එවපු  දුතයෙක් කියලා එදා ඔය සිද්ධිය තාත්තාට එහෙම කිව්වාම ඒ අය මතක් කළා.’’ ගුණසිංහ මහතා කීවේය.
Posted by https://www.kabiliththalk.com/ at August 16, 2012 No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: devalaya, devale, kebiliththa, miracle, හාස්කම්

Wednesday, August 15, 2012

Route


Route1 Kumana-> Kuda Kabaliththa->Ada Kumbuka->Gal amuna->Maha siyabalawa devalaya(Kebaliththa)

Route2   Yala->Block 2-> cross Kumbukkan Oya->Kuda Kabaliththa->Ada Kumbuka->Gal amuna ->Maha siyabalawa devalaya

Route3  Monaragala->Kodayana->5 Kanuwa(5th Post)->Kotiyagala->Bogas hanidiya road or Kammal yaya road->Maha siyabalawa devalaya (31Km from Kotiyagala to devalaya)


          or
 Monaragala->Kodayana->kaluobba >ethimale wewa >Bogas hanidiya road or Kammal yaya road->Maha siyabalawa devalaya 
Posted by https://www.kabiliththalk.com/ at August 15, 2012 No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: devala, devale, kebiliththa, kebiliththe, Route, මාර්ගය

Things to bring


Things needed for Muluthan Poojawa

  1. rice -2Kg
  2. A Pot to cook 3 kg of rice - 1
  3. Kithul treakle - 1/2
  4. green grains -500g 
  5. dates -500g 
  6. dried grapes -250g
  7. Kitul Jagery -500g
  8. Cashew -250g
  9. sugar -1Kg
  10. Coconut -3 
  11. salt -1 
  12. Basin -2
  13. Scrpaer -1
  14. white clothe for wiyan
  15. tumeric -1
  16. Spoons -2
  17. rice washing bowl  -1 
  18. Fire woods
  19. Knife -1
For Bodi poojawa

  1. ‍‍Tray -1
  2. ‍cups -3
  3. Betle leaves,betle nut and lime
  4. Flowers
  5. incensestick
  6. Coconut oil
For accommodation

  1. Tents
  2. portable Lanterns
  3. Drinking water
  4. Torch
Things needed for Palathuru(fruits) Poojawa for a Person 

  1. pineapple -1
  2. Orange -1
  3. Pomegranate -1
  4. grapes -250g
  5. Mango-1
  6. Wood apple -1
  7. Beal fruit -1
  8. sugarcane -1
  9. Banana-Rath,Suwadel,Kolikuttu
  10. incensesticks -1
  11. red coloured clothe  -1
  12. Home made Coconut Oil -1
  13. ලොකු කපුරු පැකට් -1
  14. ලොකු පහන්තිර පැකට්-1
  15. betel leaves -9
  16. සුවද කුඩු පැකට් -1
  17. ලොකු පුජා වට්ටි-1
  18. knife -1
  19. turmeric -1
  20. king Coconut -1
  21. Coconut -1
  22. Box of Matches -1
  23. rose water -1
Seven,nine or eleven kinds of fruits for the poojawa which will produce a good fragrance is advisable


Posted by https://www.kabiliththalk.com/ at August 15, 2012 No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: devala, devale, kebiliththa, pujava, අවශ්‍ය දෑ

අවශ්‍ය දෑ

 අවශ්‍ය දෑ
පූජාව සදහා අවශ්‍ය දෑ
  1. සහල්(rice) -2Kg
  2. මුට්ටි -1 
  3. කිතුල් පැණි බෝතල් 1/2
  4. මුංඇට -500g 
  5. රට ඉදි -500g 
  6. මුද්දරස් පලම් -250g 
  7. කිතුල් හකුරු -500g 
  8. ගස් කජු -250g
  9. සීනි -1Kg
  10. පොල් ගෙඩි -3 
  11. ලුණු පැකට් -1 
  12. බේසම් -2 
  13. හිරමන -1 
  14. වියන සැකසීම සදහා සුදු රෙදි යාර 5 
  15. කහ කුඩු -1 
  16. මැටි පහන් -10
  17. පොල් කටු හැදි -2 
  18. නෑඹිලිය -1
  19. සදුන් දර
  20. පිහිය -1 
බෝධි පුජාව සදහා
  1. ‍‍බන්දේසි -1
  2. ‍කෝප්ප -3
  3. දැහැත් විට (බුලත්,පුවක්,හුනු)
  4. මල් 
  5. හදුන්කූරු පැකට් 1
  6. පොල්තෙල්
එක් අයකුට පුජාව සදහා අවශ්‍ය පළතුරු සහ ‍අනෙකුත් දෑ
  1. අන්නාසි -1
  2. පේර -1
  3. දොඩම් -1
  4. දෙළුම් -1
  5. මිදි -250g
  6. අඹ -1
  7. දිවුල් -1
  8. බෙලි  -1
  9. උක්ගස් කෑලි -1
  10. කෙසෙල් ගෙඩි
  11. හදුන් කූරු පැකට් -1
  12. රතු රෙදි යාර -1
  13. ගෙදර සකසාගත් පිරිසුදු පොල්තෙල් -1
  14. ලොකු කපුරු පැකට් -1
  15. ලොකු පහන්තිර පැකට්-1
  16. බුලත් කොල -9
  17. සුවද කුඩු පැකට් -1
  18. ලොකු පුජා වට්ටි -1
  19. පිහිය -1
  20. කහකුඩු පැකට් -1
  21. තැඹිලි ගෙඩි -1
  22. පොල් ගෙඩි -1
  23. ගිනි පෙට්ටි  -1
  24. පිනිදිය -1
  නවාතැන් සදහා 
  1. තවකාලික නිවහනක්
  2. ලාම්පුවක්
  3. බීමට සුදුසු ජලය
  4. විදුලි පන්දමක්
සුවද පලතුරු හතක්,නවයක් හෝ එකොළහක් පුජාව සදහා ඔබගේ කැමැත්ත මත යොදාගත හැකිය.
    Posted by https://www.kabiliththalk.com/ at August 15, 2012 No comments:
    Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
    Labels: devala, kebiliththa, අවශ්‍ය දෑ

    Tuesday, August 14, 2012

    Contact Us

    https://kebiliththatravels.files.wordpress.com/2014/10/kabiliththa-devalaya-2.jpg?w=378&h=283

    We can arrange this wonderful tour to kebiliththe devala with our dedicated and experinced "Kapua Mahattaya" and our well experienced driver.We can supply vehicles for this tour for very lowest price .Don`t need to spent more money for this tour.

    Tel :0777400860
    Email: sisirak24@gmail.com

    ඇත්තටම මේ වන්දනා ගමන හරිම දුෂ්කර ගමනක්.සාමාන්‍ය වාහනයකින් මේ ගමන යන්න බෑ.මාර්ගය එරෙන සුලුයි.මේ සදහා හොදම වහනය ට්‍රැක්ටරයයි.නැතහොත් 4වීල් කරන ලද වාහනයකි.සාමන්‍යයෙන් මේ ගමනට විවිධ අය 30,000/= පමණ මුදලක් අය කරනවා.නමුත් අපි මේ ඉතා කුඩා මුදලකුයි අය කරන්නේ.මේ ගමන කැළේ මැදින් පැය ගණනක් යා යුතු ගමනක්.අලි,කොට්,වලසුන් හරහා යා යුතුයි.නමුත් මෙම සැදැවත් ගමන යන කිසි කෙනෙකුට කිසිම ව්පතක් වෙන්නේ නෑ.අපේ පළපුරුදු රියදුරන් ඉතා පරිස්සමෙන් ඔබව මෙම පින් බිමට රැගෙන යාවී.

    දු:ක : 0777400860
    ඊමේල් : sisirak24@gmail.com
    Posted by https://www.kabiliththalk.com/ at August 14, 2012 No comments:
    Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
    Labels: devale, kebiliththa, kebiliththe
    Home
    Subscribe to: Posts (Atom)

    Popular Posts

    • කැබිලිත්ත දේවාලය වන්දනා කිරීමට යන ඔබට...
      රුහුණු කතරගම දෙවියන්ගේ පිහිටි ප‍්‍රාර්ථනාකර ගැනීමට කතරගම දේවාලයට එන බැතිමතුන් ඇති හැකි අය කතරගම දෙවියන් පිදීම සඳහා යන තවත් අනුහස් ඇති...
    • Download your App - Kebiliththa Devalaya
        Download your app
    • Route
      Route1  Kumana-> Kuda Kabaliththa->Ada Kumbuka->Gal amuna->Maha siyabalawa devalaya(Kebaliththa) Route2    Yala->Block 2-...

    සුව පහසු සහ ආරක්ෂා කාරී ගමනක් සංවිධානය කරගැනීම සදහා එක් වන්න අප සමග....

    ඔබ සිතින් කනස්සල්ලෙන්ද සිටින්නේ ඔබගේ ආරක්ෂිත වන්දනා ගමන පිළිබදව..?
    ඇත්තටම මේ වන්දනා ගමන හරිම දුෂ්කර ගමනක්.සාමාන්‍ය වාහනයකින් මේ ගමන යන්න බෑ.මාර්ගය එරෙන සුලුයි.මේ සදහා හොදම වහනය ට්‍රැක්ටරයයි.මේ ගමන කැළේ මැදින් පැය ගණනක් යා යුතු ගමනක්.අලි,කොට්,වලසුන් හරහා යා යුතුයි.නමුත් මෙම සැදැවත් ගමන යන කිසි කෙනෙකුට කිසිම ව්පතක් වෙන්නේ නෑ. අපේ පළපුරුදු රියදුරන් ඉතා පරිස්සමෙන් ඔබව මෙම පින් බිමට රැගෙන යාවී. ඔබට සුරක්ෂිත ගමනාන්තයක් ලබා දීමට අපගේ පළපුරුදු රියදුරන් සැදී පැහැදී ඉන්නවා..
    සුරක්ෂිත වන්දනා ගමනක් සංවිධානය කර ගැනීමට දැන්ම අමතන්න.

    සිසිර : (+94)777 400 860


    Search

    home

    • Home
    • Muluthan Poojawa
    • photos
    • Route,
    • Online TV
    • news papers of srilanka

    Contact Form

    Name

    Email *

    Message *

    Labels

    • devala
    • devalaya
    • devale
    • kebiliththa
    • Kebiliththa devala
    • kebiliththa kotiyagala
    • kebiliththe
    • KIBILI
    • kibiliththa
    • LOKESAN
    • miracle
    • niwus
    • pujava
    • Route
    • අවශ්‍ය දෑ
    • පිහිටි ස්ථානය
    • මහ සියඹලාව දේවාලය
    • මාර්ගය
    • යාමට පෙර කළ යුතු දේවල්
    • හාස්කම්

    Main Menu

    • මුල් පිටුව
    • මාර්ගය
    • පූජාව සදහා අවශ්‍ය දෑ
    • Contact Us

    KEBILITHTHA TRAVELS / කැබිලිත්ත වන්දනාව

    test

    Facebook

    Devala Details

    The story is that the God Kataragama had met his future wife Walli amma on a rainy day near a tamarind tree at this place which is also called Siyambalawa devalaya or Kebliththa.
    People at Kotiyagala respect this place very strongly and they are even scared to deal with this place.Everyone must be refrained from consuming all kinds of meat and alcohol for one week before the date of visit.This place is considered very sacred by devotees of God Katharagama .They believe that the Gods present staying place is Maha Siyambalawa Devalaya. It is believed that God Kataragama or Skanda Kumara meditates and occupies this ancient sacred land of Kabiliththa Devala.
    Tags # devala # devalaya # kebiliththa # Kebiliththa devala
    blogger-disqus-facebook

    Comments

    3/recent-comments

    Social Media Icons

    • facebook
    • twitter
    • gplus
    • instagram
    • pinterest
    • linkedin
    Theme images by wingmar. Powered by Blogger.