![]() |
Add caption |
සුව පහසු සහ ආරක්ෂා කාරී ගමනක් සංවිධානය කරගැනීම සදහා එක් වන්න අප සමග.0777400860.kebiliththa
pages
Translate
Sunday, June 29, 2014
Kebiliththa devala - මහ සියඹලාව දේවාලය
ශ්වාසයයි. මෙසේ ‘‘මුරුතැන් පූජාව’’ නොපවත්වා අස්වනු නිවසට ගෙනගිය
ගොවියෙකුගේ අස්වනු බොල්වී තිබු බවට වූ විශ්වාසයක් කුමණ වනෝද්‍යානය අවට හේන්
කළ වැඩිහිටි ගොවියන් අතර තවමත් පවතී.
දශක කිහිපයකට පෙරදී කුමණ
වනොද්‍යානය තුළ සිටි ගොවිජනතාව කතරගම දෙවියන් වන්දනාමාන කිරීමට කුමණ
ගම්මානයට තරමක් නුදුරින් පිහිට කුඹුක්කන්ඔය අසළ බකිණිගහක් තෝරා ගෙන තිබුණි.
තම ජිවිතයේ සෑම කටයුත්තකදීම මෙම බකිණිගහ අසලට පැමිණ කතරගම දෙවියන්
වෙනුවෙන් පූජාවක් පවත්වා දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම සාමාන්‍ය සිරිත
විය. ඕකන්‍ද දේවාලයට යාමට විශාල දුරක් පවතින නිසා තමන්ගේ පිහිට ආරක්‍ෂාවට
කතරගම දෙවිදුන් මෙම බකිණිගහට වඩින බව එම ජනතාවගේ විශ්වාසයක්ව තිබිණි.පසුකාලීනව මෙම ස්ථානයේ කුඩා දේවාලයක් තනා ඇත. මඩමෙතොට දේවාලය හෙවත් ‘‘කුඩාකැබිලිත්ත’’ දේවාලය ලෙස හදුන්වනු ලබන්නේ මෙම බකිණිගහ පිහිටා තිබූ ස්ථානය යැයි විශ්වාස කෙරේ. අද මෙම ස්ථානයේ පූජාවන් සදහා අක්කරපත්තුව, පොතුවිල්, වාලච්චේන ආදී දුර බැහැර ප‍්‍රදේශවලින් හින්දු බැතිමත්හු පැමිණෙති.
පොතුවිල්, පානම, ඕකන්ද හරහා පැමිණ පූජාවන් පවත්වා දෙවියන් වෙනුවෙන් ආහාර සැකසූ සියලූම වළං සෝදා පිරිසිදු කර එහිතබා යාම බැතිමතුන්ගේ සිරිතය. ඊට අමතරව පූජා කටයුතු සදහා යොදාගත් පහනක් හෝ වෙනත් පූජා භාණ්ඩයක් ආපසු රැගෙන යාමක් නැත. ඒවා ද සෝදා පිරිසිදුකර දේවාලයේ තැන්පත් කර යාම සිරිතය. විශාල ප‍්‍රමාණයේ සිට කුඩා ප‍්‍රමාණය දක්වා වූ ඇලූමිනියම් වළං, පහන්, පූජා තැටි ආදිය එහි පීරී තිබේ. ඒවා භාවිතයට ගැනීමට හැකිවුවත් රැගෙන යන්නට හැදුවොත් පාර සොයාගත නොහැකිව අතරමං වන බවට විශ්වාසයක් පවතී.
නැගෙනහිර පළාතේ සිට පාද යාත‍්‍රාවේ එන හින්දු භක්තිකයන් ඇතැම් දිනවල රාත‍්‍රීය ගත කිරීම සදහා යොදාගන්නේ මේ මඩමෙතොට දේවාලය අවට ප‍්‍රදේශයයි.
යුද්ධය නිමාවීමෙන් පසු කුමණ ජාතික වනෝද්‍යානය සංචාරකයන් සැමටම විවෘතවූ පසුව සිදුවු සිදුවීමක් වනජීවී නිලධාරීහු සිහිපත් කරති. කොළඹ ප‍්‍රදේශයේ සිට පැමිණි පිරිසක කෙනෙක් ඉන්මනින් වනෝද්‍යානය නරඹා ආපසු ඒමට අවශ්‍ය බව පවසා ජීප් රථයකට ගොඩවී තිබේ. තමාට හැකි ඉක්මනින් කොළඹ බලා යායුතු බවත්, ඒනිසා ඉක්මනින් යමු යැයි රියදුරුට යෝජනා කර තිබේ.
‘‘දෙවියන්ගේ අඩවියේ ගමන් ගැන ඔහොම කියන්න හොද නෑ සර්. දෙවියන්ගේ පිහිටෙන් අපි ඉක්මනට යන්න බලමු.’’ රියදුරු පුංචි අවවාදයකුත් දෙමින්, ගමන පිටත්ව තිබේ. නමුත් කිලෝ මීටර් විස්සක් පමණ දුර ගෙවා මඩමෙතොට දේවාලය පෙනි පෙනී ජිප් රථය පාර මැද්දේ එරීගොස් ඇත. ලී කොට ආදිය දමා එය ගොඩ ගන්නට කොතෙක් උත්සාහ කළත් එය නිශ්ඵලවී තිබේ.
පසුව ජීප් රථයේ පැමිණි දෙදෙනෙක් මඩමෙතොට දේවාලයට ගොස් දේවියන්ගෙන්
‘‘ඉක්මනින් එමු යැයි’’ කී තැනැත්තා ලවා සමාව ඉල්ලා පඬුරු දමා තිබේ. එහෙත්
මඬේ එරුන ජීප්රිය ගොඩගැනීම අපහසුව තිබේ. පැයකට අධික වේලාවක් එය ගොඩ ගන්නට
උත්සාහ කරද්දී ඈතින් ජීප් රථයක හඩක් ඇසී තිබේ. එම ජීප් රිය මඩමෙතොට පැත්තට
එනහ`ඩ ඇසීමෙන් පිරිස සතුටුවී ඇතත් එවැනි ජීප් රියක් පැමිණ නැත.
තවත් පැයක් එකහමාරක් ගෙවෙද්දී එවැනි ජීප් රථයක හඩක් ඈතින් ඇසී තිබේ. එරුණු ජීප් රථයේ ගමන් කළ කිහිප දෙනෙක් ජීප් රියේ හඩ ඇසුණු දෙසට සැතපුම් භාගයක් පමණ ගමන් කරද්දී ආරක්‍ෂක අංශවල නිලධාරීන්ගේ ජීප් රථයක් තිබෙනු දැක ඇත. ඔවුන්ට තමන් පැමිණි ජීප් රථයට වූ ඇබැද්දිය දැනුම්දීමෙන් පසු ඔවුන් පැමිණ එරුණු ජීප් රථය ගොඩට අරංදුන් බවද සිද්ධිය සිහිපත් කරමින් වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කීහ. ඉක්මනින් කොළඹ යන්න හිටිය කෙනාට එදින ඕකන්‍ද ප‍්‍රදේශයට එන්නට වූයේ බිම්කරුවල වැටෙන විටදීය.
කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් සම්බන්‍ධව විශ්වාස නොකළ සංචාරකයන්ට මග පෙන්වන තරුණයෙකු කලකට පෙරදී මහා අකරතැබ්බකට මුහුණ දුන් කතාවක් තිස්සමහාරාමයට නුදුරු ප‍්‍රදේශයකින් වාර්තාවෙයි.
යාල ජාතික වනෝද්‍යානය හරහා කැබිලිත්ත දේවාලයට යාමට පිරිසක් මෙම තරුණයාගේ සහාය ලබාගෙන තිබේ. පැමිණි පිරිස දැඩි දේවභක්තිකයෝ වූහ. එහෙත් මේ තරුණයා ඒවා ගැන යම් අවඥාවකින් පසුවී තිබේ. ‘‘ ඕවා විශ්වාස විතරයි මහත්තයා. නැතුව හාස්කම් කියලා දෙයක් නෑ.’’ තරුණයාගේ අදහස විය.
ජීප්රිය රළු මාවත් ඔස්සේ යාල කලාප අංක දෙක පසුකර කැබිලිත්ත දේවාලය පිහිටි කලාප අංක තුනට ඇතුළුවෙද්දී මේ තරුණයාට බඬේ අමාරුවක් සෑදී තිබේ. ඔහු ඇද සිටි කලිසමේ පවා මළපහවී ඇති අතර නතරනොවී මළපහයාම නිසා සියලූ දෙනාම ආපසු පැමිණ තිබේ. කතරගම දෙවියන්ට පඬුරක් බැද පිහිටාරක්‍ෂාව ඉල්ලූවත් අසනීපය සුවපත් නොවඬ නිසා එසේ පැමිණෙද්දී යාල කලාප අංක එකට අතුළු වෙද්දී ඔහුගේ බඬේ අමාරුව සුවවී තිබේ. කතරගම දෙවියන්ගේ අඩවියට යාමට මෙම තරුණයා අදත් අදිමදිකරන බව සිද්ධිය දන්නෝ පවසති.
මේ අතර එවැනි තවත් අපූරු හාස්කමක් පිළිබදව පානම් පත්තුවෙන් ඇසේ. කලකට ඉහත කුමණ ගම්මානය තිබියදී මේ කැලෑව අයිතව තිබී ඇත්තේ වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවටය. කුමණ ගමේ සිටි බී. බබාසිඤ්ඤෝ මහතා ජීවතුන් අතර සිටියදී කියූ සිද්ධියක් මතක් කළේ ඔහුගේ පුත් වනජිවී දෙපාර්තමේන්තුවේ සේවය කරන බී. ගුණසිංහ මහතායි. බාබාසිඤ්ඤෝ මහතා මීට වසර දොළහකට පෙර මියගොස් තිබේ.
‘‘මේ සිද්ධියට අවුරුදු හැටකට වැඩියි. වනසංරක්‍ෂණ දේපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයෙක් ඉදලා තියනවා පකීර් කියා. එයා මුස්ලිම් ජාතිකයෙක්. තාත්තලා එක්ක මේ මහත්තයා කැබිලිත්ත දේවාලයට ඇවිත් තියනවා. දේවාලයට ආවාම දානේ හදලා පූජාව තියන එක සිරිතක්.’’
‘‘ඉතිං ඒ අය දානේ හදලා පුජාව තියලා දානේ කොටසක් අර නියෝජ්‍ය අධ්‍යක්‍ෂතුමාටත් පිළිගන්වලා. එයා, ‘‘මට ඕවා එපා, මට වලිකුකුල් මස්ටිකක් හදලා දෙනවා.’’ කියලා ඉල්ලලා තියනවා. එයත් එක්ක ගිය සේවයකන් දේවාලයට ආවාම මාංශවලින් වැළකී ඉන්න ඕනෑ කියන කාරණාව අවබෝධ කරලා දෙන්න හැදුවත් වැඩක් වෙලා නෑ. ලොකු මහත්තයා හින්දා වලිකුකුලෙක් මරලා මස් උයලා දීලා. හැබැයි අනික් කවුරුවත් කාලා නෑ. මෙයා තලූමරමරා ඒවා කාලා.’’
‘‘ටික වෙලාවකට පස්සේ මේ මහත්තයාට ලේ බඩයන්න වෙලා. ඒ කාලේ අදවාගේ වාහන වලින් කැබිලිත්තට යන්න බෑ. පයින් ගිහිං තියෙන්නේ. පස්සේ නාලා පිරිසිදුවෙලා දේවාලයට ගිහිං ගැත්තාට කටවැරදීමක් වුණේ සමාවදීලා රෝග සුවපත්කරන්න කියලා ඉල්ලූවලූ. ඊට පස්සේ තමයි බඩයාම නතරවෙලා තියෙන්නේ. එදායින් පස්සේ පකීර් මහත්තයා කුමණට ඇවිල්ලා මස්නම් ඉල්ලූවෙ නැතිලූ. ඒවාගේම කැබිලිත්ත දේවාලයටත් කතරගම දෙවියන්ටත් තිබුණේ පුදුම බයක්ලූ.’’ ගුණසිංහ මහතා පියා කී කතාව සිහිපත් කළේය.

Saturday, June 28, 2014
Sunday, June 22, 2014
kebiliththa /කැබිලිත්ත දේවාලය - එතිමලේවැව
කැබිලිත්ත දේවාලය වන්දනා කිරීමට යන ඔබට
ඔබ සිතින් කනස්සල්ලෙන්ද සිටින්නේ ඔබගේ ආරක්ෂිත වන්දනා ගමන පිළිබදව.. ?
ඇත්තටම මේ වන්දනා ගමන හරිම දුෂ්කර ගමනක්.සාමාන්‍ය වාහනයකින් මේ ගමන යන්න බෑ.මාර්ගය එරෙන සුලුයි.මේ සදහා හොදම වහනය ට්‍රැක්ටරයයි.මේ ගමන කැළේ මැදින් පැය ගණනක් යා යුතු ගමනක්.අලි,කොට්,වලසුන් හරහා යා යුතුයි.නමුත් මෙම සැදැවත් ගමන යන කිසි කෙනෙකුට කිසිම ව්පතක් වෙන්නේ නෑ. අපේ පළපුරුදු රියදුරන් ඉතා පරිස්සමෙන් ඔබව මෙම පින් බිමට රැගෙන යාවී. ඔබට සුරක්ෂිත ගමනාන්තයක් ලබා දීමට අපගේ පළපුරුදු රියදුරන් සැදී පැහැදී ඉන්නවා..

සුරක්ෂිත වන්දනා ගමනක් සංවිධානය කර ගැනීමට දැන්ම අමතන්න.
සිසිර : (+94)777 400 860
සිසිර : (+94)777 400 860
Subscribe to:
Posts (Atom)